කෝවිඩ්-19 තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා අඩුම වශයෙන් දිනකට දෙවරක් හෝ උණු වතුර හුමාලය මුහුණ ප්‍රදේශයට අල්ලා ගන්නා ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 

මීට අමතරව මද රස්සය සහිත උණු වතුර

කෝප්පයකට ලුණු ස්වල්පයක් දමා උගුර සෝදා ආරක්ෂිත ක්‍රමවේදයකට ලුණු සහිත ජලය ඉවතලන ලෙසද එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය. 

එසේම දිනකට හතර වතාවක් හෝ උණුසුම් පානයක් පානය කරන ලෙසත්, කෘත්‍රිම පාන වර්ගයක් හා සිසිල් පාන වර්ගයක් භාවිතයෙන් හැකි තරම් ඉවත් වන ලෙසද හෙතෙම පවසා සිටියේය. සියලු දෙනාම වගකීම් සහගතව කෝවිඩ්-19 වෛද්‍ය උපදෙස් පිළිපදිමින් රෝගයෙන් වැළකීම සඳහා සිදුකළ යුතු කටයුතු නිසි ලෙස ඉටු කිරීම තුළින් රට කෝවිඩ්-19 බේරාගැනීමට හැකි වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

- ඉන්දික හේවාවිතාරණ -