මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හොරණ කඳන්හේන ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත නිලධාරීවරයාගේ ආශ්‍රිතයින් පිරිසකටම කොරෝනා හෙවත් කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂණයෙන් අද (08) තහවුරු වූ බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසයි.
ඒ අනුව එම නිලධාරීවරයාගේ අවුරුදු දෙකක් වයසැති දරුවාට, මවට හා බිරිඳගේ යෙහෙලියකට මෙසේ කොවිඩ් වසංගතය ආසාදිත වී තිබේ.
බිරිඳගේ යෙහෙළියද හොරණ මූලික රෝහලේ අංක 05 වාට්ටුවේ හෙදියක් බවද ඇය යාල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද ගීගනගේ මහතා කියා සිටියි.
පසුගිය මස 30 වැනි දින
මේ තත්ත්වයත් සමග එදින සිට හොරණ මූලික රෝහලේ අංක 05 වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබිණි.
බ්‍රැන්ඩික්ස් නිලධාරීවරයාගේ සමීපතමයන්ට සිදුකළ පි.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුව මේ බව අනාවරණය වූ බවත් මේ වනවිට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වසංගත රෝගීන් සිව්දෙනෙකු හා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයන් එක් රෝගියෙක්ද වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පවසයි.
0 Comments