
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කන්කසන්තුරේ පොලිස් කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර තිබේ.උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස සේනාරත්න මහතාට මෙම මම ස්ථාන මාරුව ලබා දී ඇත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ විනය හේතූන් මත ඔහුට මෙම ස්ථාන මාරුව ලබාදුන් බවයි.
මීට පෙර සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහු රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයා අල්ලාගත් අවස්ථාවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රබල සාක්ෂි ඇතැයි ප්‍රකාශ කර ඒ ගැන වැඩි විස්තරද එළිදැක්වූ නමුත් පසුගිය දිනවල බදුර්දීන්ගේ සහෝදරයා නිදහස් කළ පසුව සාක්ෂි නැති නිසා එසේ වූ බව කීය.මොහුගේ කරුණු පළකිරීම් නිසා රජයද අපහසුතාවයට ලක්වූ බවත් පෙනෙන්නට තිබුණි. ඇමති චමල් විසින් සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක්කරන ලද අතර පසුදිනම ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් කරනු වාර්තාවිය. දැන් කන්කසන්තුරේට ඔහුව යවා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval