කළුබෝවිල රෝහලේ සේවයේ නියුතු සේවකයන් 06 දනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

සේවකයන් දෙදෙනෙකු අමතර ආදායමක් ලෙස මාළු වෙළඳාමේ නිරතවන අතර ඔවුන් මාළු මිලදීගනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයය

ගොස් ඇත.

ඒ හේතුවෙන් ඔවුන්⁣ දෙදෙනා PCR පරීක්ෂණයකට භාජනය කර තිබේ. එහිදී ඔවුන් කොවිඩ් – 19 ආසාදිතයින් බව තහවුරු වී තිබේ. ඉන් පසු ඔවුන්ගේ සමීපතමයන් PCR පරීක්ෂණයකට ලක්කර ඇත. එහිදී තවත් 04 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් ආසාදිත කාර්ය මණ්ඩලයේ හයදෙනා සේවය කළ හදිසි අනතුරු අංශයේ බාහිර රෝගී අංශය අංක 12 සහ 23 වාට්ටු  තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.