හේන් ගොවිතැනින් ජීවත් වෙන තමන්ට වන සංරක්ෂණ නිලධාරීන් කලක සිට මෙලෙස හිරහැර කරදර කරන බවත්, මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට පැමිණිලි කළද ඒ කිසිවෙකුත් මේ පිළිබදව සොයා නොබලන බවත්, මේ සම්බන්ධයෙන් කතරගම පොලීසියට පැමිණිලි කළත් එම පැමිණිල්ල භාරගැනීමට නොහැකි බවත් නිවෙස් හිමියා වන ඩබ්.පී. අරුණ උදය කුමාර මහතා චෝදනා කළේය.
සිද්ධියෙන් අසරණව සිටින නිවෙස් හිමියා වන දෙදරු පියෙකු වන ඩබිලිව්.පී.අරුණ උදය කුමාර මහතා (අවු.37) මෙලෙස අදහස් දැක්වීය. පසුගිය 29 වැනිදා හවසම පොළට ගෙනියන්න දිවුල් අහුලන්න වත්ත පහළට ගියා. ඒ යනකොට වන සංරක්ෂණ එකේ මහත්තුරු මේ පැත්තට එනවා මං දැක්කා. මං මගේ පාඩුවේ මගේ වැඩේ කරන්න ගියා. මං ගිහින් දිවුල් ටික අහුලන කොට ටික වෙලාවකින් මගේ ගේ පැත්තෙන් සද්දයක් ඇහුණ නිසා අහුලගත්ත දිවුල් ටිකත් අරන් ඉක්මනට වාඩිය පැත්තට ආවා. ඒ එනකොට මම දැක්කා වන සංරක්ෂණයේ අජිත් මහත්තයා ඇතුළු මහත්තුරු මගේ ගෙදර ඉඳන් යනවා. මා ගදරට ඇවිත් බලනකොට තමයි දැක්කේ
මේ සම්බන්ධයෙන් අප කතරගම වන සංරක්ෂණ කාර්යාලයේ චෝදනාවට ලක්ව සිටින අජිත් මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙලෙස පැවසීය.
"කැලේ කපන මිනිස්සු අපිත් එක්ක තරහයි. ඒ නිසා ඔය කරන චෝදනාව අපි ප්‍රතික්ෂේප කරනවා. අපි නිතර නිතර ක්ෂේත්‍ර චාරිකා කරනවා. එතකොට කැලේ කපන මිනිස්සු අත්අඩංගුවට ගත්තාම ඒ අය අරන් ගිහින් උසාවි දමනවා. ඔය අරුණ කියන කෙනා ඉන්නෙත් අනවසර ඉඩමක. ඡන්ද නාමලේඛන ග්‍රාම සේවකට කියලා හදාගෙන වෙන්න ඇති. අනික ඔය මනුස්සයා කොහොඹ ගස් කපලා අපි නඩු දමලත් තියෙනවා. ඊට අමතරව ඉඩමෙන් එළවන්නත් අපි නෙරපීමේ නිවේදන නිකුත් කරලා තියෙනවා. අපි කැලේට ආදරෙයි. අපි කැලේ රකින්න කටයුතු කරනවා.”
මේ සම්බන්ධයෙන් අප කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ලියනගම මහතාගෙන්ද විමසීමේදී මෙලෙස අදහස් දැක්වීය.
"අනවසරෙන් මේ අය ඉන්නේ. ඔය පැමිණිලි අපිට භාරගන්න බෑ. එම ඉඩම වන සංරක්ෂණයට අයත් ඉඩම්. ඒ ඉඩම්වල තියෙන දේවල් නැති වුණා කියාගෙන ආවට පැමිණිලි භාරගන්න බෑ. ඒ ගැටලු වන සංරක්ෂණයත් එක්ක විසඳගන්න ඕනේ.”