කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වෙයි.

ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර

ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බව සඳහන් වේ.

අදාළ සිසුවිය සමග සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ද PCR පරික්ෂණයට භාජනය කිරිමට පියවර ගෙන තිබේ.