
කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් 10දා හදිසියේ වැලඳුණු අසනීපයක් හේතුවෙන් කොළඹදී මියගොස් තිබේ.
මියගිය අය යදීෂා ශ්‍රී ධරන් නැමැති විසි හැවිරිදි යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර
කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින ඇය කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ඥාති නිවෙසක සිටියදී ඇය අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.
තම එකම දියණියට මේ අන්දමින් මියයෑමට කිසිදු හේතුවක් නොමැති නිසා මේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය විශ්වවිද්‍යාල සිසුවියගේ මවුපියන් හා ඥාතීන් ඉල්ලීමක් කොට සිටියි.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
Comments
Post a Comment
Your comment will be visible after approval