ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක වේගපන්දු යවන්නෙක් වන නුවන් කුලසේකරට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් උපදේශක තනතුරක් පිරිනමා තිබේ. කුලසේකර මෙම වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් අතර, චමින්ද වාස්ගෙන් පසුව පන්දුව දෝලනය කරමින් මෙරටදී මෙන්ම විදේශීය තරගවලදී සාර්ථක වූ පන්දු යවන්නෙක් ලෙස කුලසේකර සැලකේ. එමෙන්ම ආරම්භක කඩුලු ලබාගැනීමේ විශේෂ දක්ෂතාවක් ඔහු සතුව පැවතිණි.
විස්සයි20 තරගවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි පසුබිමක් තිබියදී ක්‍රිකට් බලධාරීන්ගෙන් ඔහුට අවසන් තරගයක් ලබාදී විශ්‍රාම යාමට අවස්ථාව නොලැබීම හේතුවෙන් සහ නිසි ආකාරයේ නිල සමුගැනීමක් ලබාදීමට කටයුතු නොකළ පසුබිමක
-පැතුම් ශ්‍රි විජේරත්න
0 Comments