
කඳානේ පිහිටි ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ සේවකයන් 12කට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබෙයි.
එහි සේවකයෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කරන අතර ඇයට මීට පෙර ආසාදනය වී තිබු අතර පසුව විදුලි බල සමාගමේ සේවය කරන ඇගේ පියා සහ මිතුරන් පුද්ගලික ආයතනයකින් PCR පරීක්ෂණ කර ඇති අතර ඔවුන් අතරින් 13කට රෝගය වැළඳී ඇති බව ඉන් තහවුරුව තිබේ.
කඳාන LECO මේ වනවිට වසා දමා තිබේ.
මේ අතර සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්ස් ලිමිටඩ් පැවසුවේ එහි එක් සේවකයෙකු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ලැබුණු නියෝග අනුකූලව සමාගම විසින් 2020 ඔක්තෝම්බර් 10 වන දින සිට ආරම්භ කරන ලද පිරිස් පිළිබඳ PCR පරීක්ෂණ සිදු කර ඇති බවත් එහිදී ආසාදිතයා හමුවූ බවත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval