මන්නාරම රදගුරු නිල නිල නිවාසයේ අයෙකුට කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (09) දින තහවුරු වීමත් සමග රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම නවතා දමා ඇති බව මන්නාරම් පොලීසිය පවසයි.
කටුනේරිය ප්රදේශයේ පදිංචි සිංහල ජාතිකයෙකු වූ මේෂන් බාස් වරයෙකුට මෙලෙස කොරෝණා වයිරසය වැළඳී ඇති අතර ඔහුට පැවති උණ රෝගී තත්වයක් හේතුවෙන් මන්නාරම් රෝහලෙන් පසුගිය 07 වනදා ප්රතිකාර ලබා එහිදී පී.සී.ආර්. පරික්ෂණයකටද මුහුණ දී රෝහලෙන් පිටව ගොස් ඇත.
එහිදී සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කොට ඇති අතර එම වාර්ථාවේදී අදාල පුද්ගලයාට කොරෝණා වයිරසය වැළඳී ඇති බවට අද දින තහවුරු වී ඇත.
රෝහලෙන් ප්රතිකාර ලබා පිටව ගොස් ඇති අදාල පුද්ගලයා මන්නාරම රදගුරු නිලනිවසේ මේෂණ් බාස් වරයෙකු වශයෙන් සේවය කරනා අයෙකු බවට තොරතුරු වාර්ථාවන බවටත් මේ වන විට මන්නාරම් රදගුරු නිලනිවාසයට පූර්ණ ආරක්ෂාවක් සපයා ඇති බවටද මන්නාරම් පොලීසිය පවසයි.
මෙලෙස කොරෝණා වෛරසය වැළඳී ඇත්තේ මාරවිල පොලිස් වසමේ ඉහල කටුනේරිය කටුනේරිය ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇත.
මේ වන විට අදාල පුද්ලයා ඇසුරු කරන ලද සියලු පිරිස හඳුනාගනිමින් සිටින බවටත් මන්නාරම රදගුරු නිවසේ සිටි පියතුමන්ලා ඇතුලු සියලු පිරිස් නිරෝධායනයට ලක් කරමින් පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමු කොට ඇති බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
0 Comments