ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මරඳගහමුල නගරයේ කුලී නිවෙසට පැමිණි නිරෝධායනය කිරීමට නියමිතව සිටි පුද්ගලයකු එහි කාමරයක වැටී සිටියදී පෙරේදා (27) රාත්‍රියේ සොයාගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.ලොතරැයි වෙළෙන්දකු බව කියන මෙම පුද්ගලයා හිසට සිදුවූ තුවාලයක් හේතුවෙන් පසුගිය 16 වැනිදා රෝහල්ගතව ඇතැයි ද
දින කිහිපයකින් නිවසට පැමිණ ඇති බවද හෙළි වී ඇත.මෙම පුද්ගලයා රෝහල්ගතව සිටි අවස්ථාවේ ඔහුගේ යාබද ඇඳක සිටි තවත් රෝගියකු කොරෝනා ආසාදිතයකු බව පසුව හෙළි වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව මෙම පුද්ගලයා ද නිරෝධායනය කිරිමට නියමිතව තිබී ඇති අතර රෝහලින් පිටවූ ඔහු මරඳගහමුල නගරයේ දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහලේ ඔහුගේ නවාතැනේ හුදකලාව කල් ගත කර ඇත. මෙම පුද්ගලයා ඉකුත් 26 වැනිදා සවස ද උඩු මහලේ සිටිනු ඒ අසල පවත්වාගෙන යන පොලිස් මුරපොළේ නිලධාරින් දැක ඇතැයි හෙළි වී ඇත.  ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා පෙරේදා (23) සවස සිදුකළ පරික්ෂාවක දී ඔහු කාමරයේ වැටී සිටිනු දැකීමත් සමඟ පොලිසියට හා සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දී ඇත. ගිලන් රියක්ද ගෙන්වා ගැනීමෙන් අනතුරුව කාමරයේ දොරකඩා ඇතුළු වී ඇති අතර වැටී සිටි පුද්ගලයාට කලබලවී නැගිට ගත් බව පොලීසිය සඳහන් කළේය. තුවාල සහිතව සිටි ඔහු ඒ අවස්ථාවේදී ම ප්‍රතිකාර සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගැනුණි.