බාලවයස්කාර පිරිමි දරුවෙකු නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර බරපතළ අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරු වූ තරුණයෙකුට වසර 09ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් සමඟ දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවන ලෙස මධ්‍යම පළාත් බද මාතලේ මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා 22දා නියෝග කළේය.
මෙසේ සිරදඩුවම් නියම වූයේ මාතලේ, කුරිවෙල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නසාර් අබ්දුල් රහුමාන් (අවු.22) නැමැත්තකුටය.
විත්තිකරු විසින් මාතලේ කුරිවෙල ප්‍රදේශයේදී බාලවයස්කාර පිරිමි දරුවාට ටොෆි, චොකලට් ලබා දෙන බව පවසමින් ඔහුව රවටා අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් මාතලේ මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාශය මගින් 2017 වසරේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
වයස අවුරුදු දාසයට අඩු පිරිමි දරුවෙකු නීත්‍යානුකූල
විත්තිකරුට එරෙහිව නගා තිබූ පළමු චෝදනාව වූ බාලවයස්කාර දරුවකු නීතනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාවට විත්තිකරුට වසර දෙකක සිරදඩුවමක් හා දරුවාව බරපතළ ලෙස අපයෝජනයකට ලක් කිරිමේ චෝදනාවට වසර හතක බරපතළ සිරදඬුවමක් විනිසුරුවරයා නියම කළේය. ඊට අමතරව චෝදනාවන් දෙකට එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් දසදහසක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක බරපතළ වැඩ සහිත සිරදඩුවමක්ද නියම කළේය.
ඊට අමතරව වින්දිත දරුවාට රුපියල් 50,000ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය. මෙහිදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙවැනි සිද්ධීන් ශිෂ්ට සමාජයක් තුළ ඇති නොවිය යුතු බවත් දරුවන්ට සුරක්ෂිත වූ සමාජයක ජීවත්වීම සඳහා ඇති අයිතිය ලබා දිය යුතු බවත්ය. මෙවැනි අස්වාභාවික ලිංගික ආශාවන් ඇති අය නිසා දරුවන් මෙම තත්වයට පත් වන බවත් මේ නිසා අධිකරණය මගින් මෙම වැරදි කරන පුද්ගලයින්ට උපරිම දඩුවම් දිය යුතු බවත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
- රුවන් ධනංජය -
0 Comments