මොරටුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වන මෙඩිහෙල්ප් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබේ. රෝහලට රුධිර පරික්ෂාවක් සඳහා පසුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා පැමිණි පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා මෙසේ තාවකාලිකව වසා දමා තිබේ.
අද, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් අපට දන්වන ලද පරිදි ඔක්තෝබර් 5 වන දින අපගේ මොරටුව ශාඛාවට රුධිර පරීක්ෂාවක් සඳහා පැමිණි පාරිභෝගිකයකුට COVID -19 ධනාත්මක වූ බව වාර්තා විය.
මෙය වාර්තාවීමෙන් පසු කළමනාකාරිත්වය ඉක්මණින් තාවකාලිකව පරිශ්‍රය වසා දැමීමට තීරණය කළ අතර මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරී සැලැස්මට ුනුව කෙරෝනා වැළැක්වීමේ පියවර සඳහා අනුගත වූයෙමු. අපගේ වටිනා අනුග්‍රාහකයන්ට ඇති වූ අපහසුතාව ගැන අපි කනගාටු වෙමු.
මෙඩිහෙල්ප් රෝහල
0 Comments