මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර කොටවෙහෙර නිවසට පැමිණ සිටි කාන්තාවක කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටියදී, සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී ඇය කෝවිඩ්-19 ආසාදිතයෙකු බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී ඇති බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (17දා) පැවසීය.
එම ඇඟලුම් කම්හලේ කෝවිඩ්-19 වෛරස් ආසාදිත කාන්තාව හඳුනා ගත් දිනයේම මෙම සේවිකාවද නිවසට පැමිණ සිටියදී, ඇය සහ ඇගේ පවුලේ පස්දෙනෙකු නිරෝධායනයට ලක් කළ බවද එම කාර්යාලය පවසයි.
දැනට නිවස තුළ නිරෝධායනයට ලක් කර ඇති ආසාදිත කාන්තාවගේ
කෝවිඩ්-19 වෛරස් ආසාදිත ඇඟලුම් සේවිකාව මිනුවන්ගොඩ සිට යතුරුපැදියකින් පැමිණි බවත්, අතරමඟදී කිසිම ස්ථානයකට නොගිය බවත් ඇය නිලධාරීන්ට පවසා ඇති බවත් එම කාර්යාලය පවසයි. මෙම ආසාදිත කාන්තාව ඇසුරු කළ අසල්වැසි පිරිස් පිළිබඳ සොයාබැලීමේ පරීක්‍ෂණ මේ වනවිට අරඹා ඇති බවත්, ඒ අනුව එවැනි පිරිස් නිරෝධායනයට ලක් කිරීමට නියමිත බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය. කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තවදුරටත් පරීක්‍ෂණ සිදුකරයි.
- ප්‍රියානි මංගලිකා -
0 Comments