කොරෝනා ආසාදනය වූ බවට අද වාර්තා වූ ගම්පහ  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව ගේ පවුලේ  ස්වාමිපුරුෂයා, දරුවන් සිව්දෙනා සහ ඇයගේ පියා මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති අතර

ඇගේ සැමියාගේ පීසීආර් පරීක්ෂණය ගැන බලධාරීන් දෑස් දල්වා සිටින බව වාර්තාවේ. ඊට හේතුව ඔහු ටැක්සි රියදුරෙකු බැවින් හා ආශ්‍රිතයින් විශාල පිරිසක් සිටින බැවිනි.සැමියා ප්‍රවාහනය කරන ලද පුද්ගලයින් සෙවීම ද ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය පරීක්ෂක ආරංචි වාර්තා කර තිබේ.


මේ අතරෙ කාන්තාවගේ එක් දරුවෙකු හට සෙම්ප්‍රතිෂ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බැවින් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතරම එම දරුවා පසුගිය දිනවල පාසල් ගොස් ඇති බැවින් ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
 ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි  ඇඟළුම් කම්හලේ ගොඩනැගිල්ල දැනට මුද්‍රා තබා ඇත.
මෙම 39 හැවිරිදි කාන්තාව රැකියාව කරන එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ පිහිටි වායු සමීකරණය සේවක සේවිකාවන් 400 දෙනෙකුට නිරාවරණයවීම නිසා සෞඛ්‍ය අංශ ආශ්‍රිතයින්ට රැකියාවන්හි නිවාඩු ගෙන නිරෝධායනය වන්නට උපදෙස් දී ඇති අතර එය වෙනම මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරවා ඇත.