මිනුවන්ගොඩ බාලිකා විද්‍යාලයක සිසුවියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සිසුවිය අධ්‍යාපනය ලබන පාසැල් සමිපතමයන් සහ ඇයගේ වෙනත් ආශ්‍රිතයන් අද (11) දිනයේදී මිනුවන්ගොඩ සතිපොල භුමියයේදි පී .සී.ආර් පරික්ෂණය සදහා යොමු කල බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්සක අනුර රන්දෙණිය සඳහන් කර සිටියි.

කොවිඩ් -19 වෛරසය ආසාදිත වු එම සිසුවිය ගේ මව මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කර ඇති අතර ඇයටද එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන්
පසුව ඇයගේ දියණියට PCR පරීක්ෂණයකට යොමු කොට එහිදී ඇයට එම වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

මව සහ දියණියව රෝහල් ගත කර ඇති අතර කොවිඩ්- 19 ආසාදනයවු මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් පොකුරේ තවත් ආශ්‍රිතයන් පිරිසක්ව
අද දිනයේදී උඩුගම්පොළ සතිපොල භුමියයේදි පී .සී. ආර් .පරික්ෂණය සදහා යොමු කල බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර රන්දෙණිය වැඩිදුරටත් සදහන් කර සිටියේය.

ටෝනි කරුණානායක