හැටන්, හිජිරාපුර ප්‍රදේශයේ තම නිවස තුළම දින කිහිපයකට ප්‍රථම මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ සිරුරක් ඊයේ (12දා) සොයා ගත් බව හැටන් පොලිසිය පවසයි. 

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව සිටියේ, හැටන්, හිජිරාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි එක් දරු පියෙකු වන පෙරිඅන්න පලනියන්ඩ් (අවු.62) නමැත්තෙකි.

මරණකරුගේ බිරිඳ මස්කෙළිය ප්‍රදේශයේ තම දියණියගේ නිවසට ගොස් සිටියදී එම දියණිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණ සිටි නිසා සෞඛ්‍ය අංශ විසින් දියණියගේ නිවසේම ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත්, මරකරුගේ ත්‍රිරෝද රථය දින

ගණනාවක් හිජිරාපුරට පිවිසෙන මාර්ගයේ ගාල් කර මරණකරුගේ නිවසේ විදුලි බල්බ දවා තිබුණද ඒ පිළිබඳව සැකයක් පවතින නිසා ඒ පිළිබඳව අසල්වාසීන් විසින් හැටන් පොලිසියට ඊයේ (12) කළ දැනුම්දීමක් මත සිරුර සොයාගෙන තිබේ.

සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහල් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

- රංජිත් රාජපක්ෂ -