
අකුරැස්ස නිල්වලා විද්‍යා පීඨයේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මිනුවන්ගොඩ ගණේමුල්ලේ පදිංචි මෙම දෙදෙනාට ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා ඔවුන් පෙරේදා (11) සවස කඹුරුපිටිය ආඳපාන
නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථයට 395දෙනකු ඊයේ (15) වනවිට රැගෙනවිත් ඇති අතර ඔවුන්ගෙන් 18 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරුවීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. තවත් දෙදෙනකු උණ සෑදීම නිසා ආඳපාන රෝහලට ඇතුළත්කර ඇත. ඒ අනුව නිල්වලා විද්‍යා පීඨ නිරෝධායන මධ්‍යස්ථානයේ මේ වනවිට නිරෝධායනය වන සංඛ්‍යාව 375කි.
- ඩී.ජී. සුගතපාල -
Comments
Post a Comment
Your comment will be visible after approval