සාප්පු හා කාර්යාලවල සේවය කිරීම වයස අවුරුදු 16ට අඩු අයට තහනම් කර තිබේ. දැනට සාප්පු හා කාර්යාලවල සේවය කිරීමට වයස අවුරුදු 14 සිට ඉහළට අවස්ථාව සලසා ඇත.

එම වයස් සීමාව

වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට තීරණය කර සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ ( සේවය සහ වේතන විධිමත් කිරීමේ- සංශෝධන) පනත් කෙටුම්පත සංශෝ්ධනය කිරීමට කම්කරු ඇමැතිවරයා කටයුතු කර ඇත.

අදාළ පනතට සංශෝධන එක්කරමින් කම්කරු ඇමැතිවරයා විසින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජේ.ටී. ද සිල්වා