පාර්ලිමේන්තු පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම පොලිස් නිලධාරියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

වැලිපැන්න ලෙව්වන්දුව උඩුමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම උප පොලිස්පරීක්ෂකවරයා නිවාඩු ලබා නිවසට පැමිනීමට පෙර ඔරුගොඩවත්ත මාළු වෙළඳපොලට ගොස් ඇත.

එම මාළු වෙළඳපොළට ගිය පිරිසට පී.සී.ආර්.පරීක්ෂණ කරගන්නා ලෙස මාධ්‍ය මගින් දැනුම්දීමෙන් පසුව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකට සහභාගී වී තිබේ.

උප පොලිස්‍ පරීක්ෂකවරයා කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා විසින් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාට දැනුම්දී ඇත.

එම උප පොලිස් පරීක්ෂකවරයා සමග පෑලියගොඩ මාළු වෙළඳපොළට ගිය ජීප් රථයේ රියදුරා සහ තවත් පොලිස් නිලධාරියකු නිරෝධායනය කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.

මීට අමතරව ඔහුගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස ස්වයං නිරෝධායනය කිරීමටද කටයුතු කළ බව ඔහු පැවසීය.