ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එම සැකකරු හා සැකකාරිය සමග මත්කුඩු ග්‍රෑම් 9ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 42,000ක මුදලක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් අගල් තුනක් පමණ දිගැති ජංගම දුරකතනයක් ඇතුළු දුරකතන තුනක්, බැංකු කාඩ්පත් තුනක් හා විවිධ පුද්ගලයන්ට මුදල් බැර කළ බව සඳහන් රිසිට්පත් 100කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත. සිර දඬුවම් විඳ නිදහස්ව පැමිණි කාන්තාවක් නැවත වතාවක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුව ඒ සම්බන්ධයෙන් දින කිහිපයක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව කළ වැටලීමක දී සැකකරු සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකාරිය වන පයාගල සුදු අක්කා නමැත්තියගේ සැමියා ඩුබායි රටේ සැඟවී සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් බවත් සැකකාරියට අවුරුදු 43ක් බවත් පොලිසිය කියයි. සැකකරු හා සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (5) ඉදිරිපත් කිරිමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ