
කොළඹ නගරයේ දෙසීය හැත්තෑ පස් දෙනකු පීසීආර් පරික්ෂණවලට ඊයේ (15) යොමු කෙරුණු බව කොළඹ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවැසුවාය.
පීසීආර් පරික්ෂණවලට යොමු කෙරුණු මෙම පිරිසට කොළඹ මැනිං වෙළඳපොළේ හා බස් නැවතුම්පොළේ 100 දෙනෙක්ද, යූනියන් පෙදෙසේ මහල් නිවාස සංකීරණයක හා ඒ අවට ප්‍රදේශයේ 100 දෙනෙක්
මේ පීසීආර් පරීක්ෂණවල වාර්තා අද (16) හෝ හෙට (17) ලැබෙනු ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.
කොරෝනා ආසාදිතයෝ දෙදෙනෙක් සෞඛ්‍ය අංශ විසින් කොළඹ යුනියන් පෙදෙසේ මහල් නිවාස සංකීරිණයකින් හා කොළඹ නගර සභාවෙන් සොයා ගනු ලැබූහ. ඔවුගේ ආශ්‍රිතයන් පීසීආර් පරික්ෂණවලට මෙසේ යොමු කෙරුණේ ඉන් පසුවය.
- සුජිත් හේවාජුලිගේ -
Comments
Post a Comment
Your comment will be visible after approval