කොවිඩ් ආශ්‍රීතයත් වීම නිසා පොලිසියේ හාරසිය දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

මෙයට අමතරව පොලිස් නිලධාරින් තවත් පිරිසක් පොලිස් බැරක්ක තුළ ස්වය

ං නිරෝධායනයට යොමුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

පොලිසිය පවසන අන්දමට කොවිඩ් ආසාදනය වී ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව 17කි. මේ නිලධාරින් දාහත් දෙනා අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ දස දෙනකු ද සිටින බව කී අජිත් රෝහණ මහතා පොලිස් විශේෂ කාර්ය බළකා එම නිලධාරින් දස දෙනා ප්‍රභූන් යන ස්ථානවල පිටත රාජකාරි කරන ස්ථානවල රඳවා සිටි අය බව ද ප්‍රකාශ කළේය.

මේ කුමන තත්ත්වයක් ඇතිවුවත් පොලිසියේ රාජකාරි කටයුතු අඩපණවීමට ඉඩ නොදෙන බවත් පොලිස් පුහුණු පාසලේ දෙදහසක් පමණ ද හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් යෙදවීමට සුදානම් කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

මෙයට අමතරව ක්‍රියාකාරි කොට්ඨාසවල පොලිස් නිලධාරින් ද සුදානම් කර ඇතැයි කී රෝහණ මහතා අවශ්‍යතාවක් ඇතිවුවහොත් ඒ නිලධාරින් ප්‍රාදේශිය පොලිසිවලට යොදවන බව ද සඳහන් කළේය.