මත්කුඩු ජාවාරමක නිරත කායවර්ධන මධ්‍යස්ථාන හිමිකරුවෙකු ඇතුළු තිදෙනෙකු එළඹෙන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් ෙද්විකා ශ්‍රී ජයරත්න මහත්මිය 26 දා නියෝග කර තිබේ. පොළොන්නරුව ප්‍රදේශයේම පදිංචිකරුවෝ තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පොලොන්නරුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරි පිරිසක් විසින් පොළොන්නරුව නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කායවර්ධන මධ්‍යස්ථානයේ 26දා සිදු කළ වැටලීමකදී එහි හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. අදාළ ස්ථානයේ තිබී මක්කුඩු ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 390ක්ද
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු විසින් කලක සිට කොළඹ සිට තොග වශයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වා පොළොන්නරුව, අම්පාර, මඩකලපුව සහ මහියංගනය වැනි ප්‍රදේශවලට බෙදාහැර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පොළාත්තරුව කොටිඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීකුමාර පොලිස් සැරයන් වසන්ත, සුරංග, ඉද්දගොඩ, පොලිසැරයන් රියැදුරු සොයිසා පොලිස් කොස්තාපල් සඳරුවත්, චන්ද්‍රකාන්ත, දයාරත්න, අමරතුංග යන නිලධාරින් මෙම වැටලීම සිදු කර තිබිණි.
- ඩබ්.ඒ.පියතිලක -
Comments
Post a Comment
Your comment will be visible after approval