ඊයේ දිවයිනට පැමිනි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවීමෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ විවෘත සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී නැගූ ප්‍රශ්න කිහිපයක් හා ලැබුණ පිළිතුරු මෙසේය.


ඔබේ රටේ ජනපතිවරණයක් පවත්වන මොහොතක මෙවැනි පැමිණීමක් සිදු කළේ ඇයි එහිදී දේශපාලන  වෙනස්කම් සිදුවුවොත් ඔබ පැමිණ ගන්නා තීන්දු ඵලදායක නෑ නේද?

ඇත්තෙන්ම මා පැමිනියේ දිගු කාලීන ඇමරිකානු ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් ජනපතිවරණ ප්‍රතිඵලය අතළඟ බව ඇත්ත. නමුත් මගේ පැමිණීම මගින් දෙරට අතර ශක්තිමත් බැඳීම තහවුරු කිරීමට පමණයි අවශ්‍ය


ඔබේ පැමිණීම මගින් එම්සීසී හා සොෆා ගිවිසුම් වැනි ලංකාවේ ස්වාධීනත්වයට බලපාන දේ ගැන තීරණ ගන්නට යනවා නේද?

ලංකාවේ ස්වාධීනත්වයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන කිසිවක් ගැන අප සාකච්ඡා කරන්න අදහසක් නැහැ. අප ලංකාව පමණක් නොවේ මේ සංචාරයේදී මා මුණ ගැසුණ අනෙක් කුඩා රටවල් වල පවා නිදහසට ගරු කරමින් සාකච්ඡා පැවැත්වුවා. ඒ නිදහස අප අගය කරනවා.