වප් පුන් පොහොය දිනය නිමිත්තෙන් ඊයේ (1) මොරටුව රාවතාවත්ත හාවනා මධ්‍යස්ථානයකදී බෝධි පුජා පිංකමක් පවත්වමින් සිටි භික්ෂුන් වහන්සේගේ ගෙල මිරිකූ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්
බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. ගෙල මිරිකීමට ලක්වූ බව කියන හැට හැවිරිදි හික්ෂූන් වහන්සේ ලුණාව රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය. භික්ෂූන් වහන්සේ බෝධි පූජාව පවත්වමින් සිටි අතරවාරයේදී එයට සහභාගි වී සිටි පුද්ගලයකු එක්වර භික්ෂූන් වහන්සේ වෙත කඩා පැන ගෙල මිරිකා ඇතැයි පොලිසිය කියයි.
බෝධි පූජාවට සහභාගි වූ පිරිස සැකකරු අල්ලා මෙල්ලකර මේ බව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. 58 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු මොරටුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකි. සැකකරු මෙවැන්නක් කිරීමට පැහැදිලි හේතුවක් මෙතෙක් දැනගැනීමට නැතැයිද පොලිස් නිලධාරිහු පවති. අත්අඩංගුවට ගත් සැකකරු කිසියම් රෝගී තත්වයකින් පෙළෙන බව ඔහුගේ පවුලේ අය පොලිසියට පවසා තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වාගෙන යයි.
-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය-