මිට මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙයි.

එම පුද්ගලයා රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මෙම පුද්ගලයා යළි විදේශ ගතවීම සඳහා ඊට පෙර සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගෙන තිබෙයි.

ඒ අනුව ඔහුගේ සමිපතයින් ගේ නිවෙස් සහ ඔහු ආ ගිය වෙළෙද සැල් ඇතුළු ස්ථාන 12ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි.

මාලදිවයිනේ සිට පැමිණීමෙන් පසු මෙම පුද්ගලයා මෙරටට නිරෝධායනයට ලක්ව PCR පරීක්ෂණය සිදුකර ඇති තිබුණි.

කෙසේ වෙතත් එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ බව මහජන පරීක්ෂකවරු පවසති.