සම්බා සහ කීරි සම්බා සහල්වල හිඟයක් හා පොල් හිඟයක් ඇති වී තිබෙන බවත්, බලධාරින් ඒ පිළිබඳ සොයා බැලිය යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.  මීට අමතරව සබන්,
දත්බෙහෙත්,
ෂැම්පු වර්ග හා බිස්කට් වර්ගවල මිලත් දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බවත්, මේ නිසා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.  පසුගිය දිනවල ඇතැම් ප්‍රදේශවල පාලන මිල ඉක්මවා සම්බා සහ කීරී සම්බා සහල් අලෙවි කළ නමුත්, මේ වනවිට බොහෝ ප්‍රදේශවල මෙම සහල් වර්ග දෙකේ හිඟයක් පවතින බවද හෙතෙම පවසා සිටියේය.

ලබන වසරේ ජනවාරි මාසය දක්වා රටට අවශ්‍ය සහල් ලබා ගැනීමට වී තොග තිබෙන බවට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ප්‍රකාශ කර තිබෙන නිසා රට තුළ සහල් හිඟයක් ඇති වීමට හේතුවක් නොමැති බවත්,  මේ නිසා මේ පිළිබඳ සොයා බැලිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.  පොල් සඳහා පාලන මිලක් නියම කිර්මත් සමග පොල් හිඟයක් නිර්මාණය වූ බවත්, මේ නිසා බලධාර්න් මේ පිළිබඳ අවධානය යොමුකර අවශ7 කටයුතු කළ යුතු බවත් ඒ මතා පැවසීය.

-එච්.අයි.තුෂාර-