5.10pm
අද දහවල් පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.
වරෙන්තුවක් ලබාගැනීමට පොලිසිය අධිකරණය හමුවේ උත්සාහ කළද  වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය නැති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් දන්වා තිබේ.

මහජන මුදල් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

පොදු දේපළ පනතට අයත් නිසා වරෙන්තු අනවශ්‍ය බව අධිකරණය දන්වා තිබේ.
 

 3pm

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්


රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළාය.

2019 වසරේ ජනාධිපතිවරණයේදී බස් රථයකින් ජන්ද දායකයින් ප්‍රවාහන කිරීමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන මෙලෙස හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරිය සඳහන් කළාය.