පුත්තලමේ සිට ඊයේ කොළඹ එමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා සිය වාහනය තුළ ගුවන්විදුලියට කන්දී ගෙන එමින් සිටියදී තමා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි යන පුවත ඇසීමත් සමග එකවරම වාහනය නවතා ඉන් බැස පලාගොස් තිබේ.

රිෂාද් බදියුදීන් මහතාගේ වාහනය කොළඹ ආ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී එහි සිට ඇත්තේ ඔහුගේ රියදුරු සහ මන්ත්‍රීවරයාගේ ඉඩමක් බලා කියාගන්නා පුද්ගලයෙක් පමණි.


වාහනය සහ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව එම අවස්ථාවේ බලපත්‍ර නොමැති පිස්තෝල දෙකක් ද තිබී අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර රිෂාද් බදියුදීන් මහතාට පලාගොස් සැඟවීමට උදව් කළ බව කියන ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

එමන්ම රිෂාඩ් බදියුදීන් මහතා සමඟ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ඔහුගේ අමාත්‍යාංශයේ සේවය කළ හිටපු ගණකාධිකාරිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුයුදීන් මහතා ඩ් බදුයුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.