
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දෙහිවල ප්‍රදේශයේදී අද උදේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දීය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිසිය මගින් සොයන බව දැනදැන ඔහුට සැඟව සිටීමට රැකවරණය සැපයූ නිසා එම නිවසේ පදිංචි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට හිටපු අමාත්‍යවරයාගේ හිතවතෙක් වන මෙම වෛද්‍යවරයාත් ඔහුගේ බිරියත් අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවලට පැමිණීමට පෙර ඔහු රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹන බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval