සබරගමු විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 75  දෙනකු ඊයේ (06) හදිසි පී.සී.ආර්. පරික්ෂණවලට යොමු කිරීමට සෞඛ්‍ය  බලධාරිහු කටයුතු කළහ.  මෙම සිසුන් ගම්පහ දිස්ත්‍රික්කයේ  මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සබරගමු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයට සිසු සිසුවියන්  කැඳවා ඔවුන්ගේ ජෛව සාම්පල  ලබාගැනීම ඊයේ උදෑසන
සිට සිදු කෙරිණි. මෙම සිසුන් මෙතෙක් නිරෝධායනයට ලක් කර නැති අතර ජෛව සාම්පල ලබාගැනීම පමණක් සිදු කළ බවත් එහි නිගමනයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් බෙලිහුල්ඔය මහජන සෞඛ්‍ය  පරික්ෂක ලාලිත කුමාරසිංහ මහතා පැවසීය. මේ සම්බන්ධව කළ විමසුමකදී සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුල ඥාණපාල මහතා පැවසුවේ සෞඛ්‍ය අංශ කළ දැනුවත් කිරිමක් අනුව එම සිසුන් වෙනම  නේවාසිකාගාරවල රඳවා තබා පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කළ බවය. 

කෙසේ වුවද මෙය නිරෝධායනයක් නොවෙන බවද  පැවසිය. 

-ලසන්ත නිරෝෂණ පෙරේරා-