දැනට ලොව පුරා භාවිත කෙරෙන ඇල්කොහොල් පාදක දෑත්පිරිසිදුකාර දියර (සැනිටයිසර්ස්) වෙනුවට අයඩීන් පාදක කරගත් දෑත් පිරිසිදුකාර දියරයික් හඳුන්වා දෙන්නට ඉන්දියාව සමත්ව ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ලොව ප්‍රථම වරට මෙවැනි නිෂ්පාදනයක් සිදුකරන සහ එවැන්නක් භාවිත කරන රට බවටද ඉන්දියාව පන්වන බව එරට මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ නිපදවූ මෙම පළමු වැනි අයඩීන් පාදක සැනිටයිසර් නිෂ්පාදනය 12Cure ලෙස නම් කර තිබේ. සිංගප්පුරුවේ පිහිටි 12Pure නම් ජෛව තාක්ෂණික සමාගමක් මගින් මෙම දෑත්පිරිසිදුකාරක දියරය නිෂ්පාදනය කිරීම සැලසුම බව පැවසෙයි. ඉදිරි සති දෙක ඇතුළතදී මෙම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට ඊට අදාළ පිරිසක් කටයුතු යොදා ඇත.
මෙම අයඩීන් පාදක ඈත්පිරිසිදු කාරක දැනට භාවිත ඇල්කොහොල් භාවිත දෑත්පිරිසිදුකාරක හරහා සැසඳීමේදී වෛරසවලට එරෙහිව ඉතා හොඳ ක්‍රියාකාරිත්වයක් පෙන්වන බව පැවසෙයි. එසේම දිගු කාලයක් දෑත් පිරිසිදුව තබාගැනීමට මෙම අයඩීන් සතු විෂබීජනාශක ගුණය හේතු වන බවත් හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙම පිරිසිදු කාරක මගින් පැය 12ක පමණ කාලයක් ආරක්ෂාව ලබාදෙන බවත්, ඇල්කොහොල් පාදක දියර වරින්වර භාවිත කිරීමක් සිදුකළ යුතුව ඇති බවත්, 12Pure සමාගමේ සභාපතිවරයා පවසයි. එසේම ඇල්කොහොල් පාදක විෂබීජනාශක දියර වැඩි වශයෙන් භාවිතය සිරුරට සහ සමට අහිතකර බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම දියරය සකස් කිරීමට යොදාගන්නා අයඩීන් ජපාන මුහුදු පැළෑටි මඟින් ලබාගෙන ඇති අතර, ඒවා එක්සත් ජනපදයේ විද්‍යාගාරවලදී තවදුරටත් දියුණු කිරීමට ලක්කර තිබේ.
0 Comments