කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පිඨයේ මහාචාර්ය ධුරයෙන් සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පිඨාධිපති ධුරයෙන් තමා ඉවත් කිරීමට එම විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රවීණ නළු හා එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන සෞම්‍ය ලියනගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ තුෂාරි ජයවර්ධන මහත්මිය මගින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, එහි නිසි බලධාරින්, මහාචාර්ය ඩබ්ලිව්.එම්. අබේරත්න ඇතුළු දහඅට දෙනකු නම් කරනු ලැබ සිටිති. එම තනතුරුවලින් තමා ඉවත් කිරිමෙන් සිදුවූ මූලික අයිතිවාසිකම්
සහකාර කථිකාචාරියවරයකු ලෙස සේවයට එක් වූ විට පෙත්සම්කරුගේ සේවය 2015 වසරේදී ස්ථිර කළ බවත් පසුව ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මහාචාර්ය ධුරයට සහ පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ධුරයට උසස් කළ බව පෙත්සමෙහි දැක්වේ . එහෙත් සැප්තැම්බර් මස 25වැනිදා තමන් එම ධුරයගෙන් ඉවත් කළ බව දක්වා ලිපියක් ලැබුණු බව පෙත්සම්කරු කියයි.
කථිකාචාර්යවරයකු ලෙස තම පරිවාස කාලය නිමවන්නට පෙර ආචාර්ය උපාධිය සම්පූර්ණ කර නොතිබීම ඊට හේතුව ලෙස සඳහන් කර තිබූ බවද පෙත්සම්කාර සෞම්‍ය ලියනගේ මහතා සිය පෙත්සමින් කියා සිටී. එහෙත් තමන් එම උපාධිය නිසි පරිදි සම්පූර්ණ කර ඇති බව සඳහන් කරන පෙත්සම්කරු විධිමත් විමර්ශනයක් හෝ තමාගෙන් කරුණු විමසීමකින් තොරව එලෙස තනතුරුවලින් ඉවත් කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) වගන්තිවලින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිමක් බවද සිය පෙත්සමේ සඳහන් කර ඇත.
එබැවින් එම තීරණ ක්‍රියාත්මක කිරිම අත්හිටුවන ලෙසත් එම තනතුරුවලට නැවත තමා පත් කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇත. මේ අතර කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නරතන හා නාට්‍ය කලා පීඨයේ සහකාර කථිකාචාර්ය ධුරයෙන් තමා ඉවතට කිරීමට එම විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රවීණ තබ්ලා වාදක හා වැඩසටහන්, පරික්ෂකවරයකු වන ජේෂල මනෝජ් මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, එහි නිසි බලධාරියා වන මහාචාර්ය ඩබ්ලිව්.එම්. අබේරත්න, විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. මෙම පෙත්සම් වෙනුවෙන් නීතිඥ තුෂාරි ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරූම මහතා පෙනී සිටී.
-තිළිණි ද සිල්වා-
0 Comments