පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් යොමු කිරීම සඳහා වරප්‍රසාදිත පිරිසකට අවස්ථාව ලබාදීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර මේ නිසා පළමුවසරට විධිමත්ව ඇතුළුකිරීම පහේ ශිෂ්‍යත්වය සමත්වන අය හා සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වන අය සමග පාසල් පංතියක සිසු ප්‍රමාණය සමතුලිතව පවත්වා යාමේ ගැටලු පැනනැගෙන බැවින් පන්ති වල සිසු ප්‍රමාණය ඉහළ නැංවීමට අමාත්‍යංශය තීරණය කර තිබේ.

එක් පන්තියක සිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45 කිරීමට  අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියි.ලබන වසරේ සිට එය ක්‍රියාත්මක වනු ඇත.

 2020 වසර වනවිට පන්තියක සිසුන් 35  දක්වා අඩුකරන්නැයි

මීට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව වෙනස් කිරීමට මේ අනුව කටයුතු සිදුවනු ඇත.

අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට නිතිපතිවරයාට බාරදුන් බවද එම අමාත්‍යාංශය පවසයි.  ඉකුත් 2016 වසරේදී පැවැති එක් පන්තියක උපරිම ශිෂ්‍ය  සංඛ්‍යාව 40 සීමාව වසරකට එක බැගින් අඩුකර 2020 වනවිට 35 දක්වා අඩුකරන්නට අධිකරණය නියම කළේ අධ්‍යාපන මනෝ විද්‍යාඥයින්ගේ විශේෂ වාර්තා සැලකිල්ලට ගෙනය.

විශේෂඥ මතය වනුයේ සිසුන්ගේ අවධානය නිසි පරිදි අධ්‍යාපනික කටයුතු සඳහා යොදවාගන්නට පන්තියක සිටිය යුත්තේ සිසුන් 25 ක් හෝ අඩු ප්‍රමාණයක් බවයි. නමුත් ලංකාවේ ප්‍රායෝගික ගැටලු සලකා එය 35 දක්වා අකමැත්තෙකන් වැඩි කර තිබූ නමුත් මෙවර එම සාධක කිසිවක් සැලකිල්ලට නොගෙන 45 දක්වා ඉහළ දමා ඇත.

 දේශපාලන හා වරප්‍රසාදිත අයගේ උවමනාවන් අනුව නැවත සිසු සංඛ්‍යාවන් ඉහළ දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.