දිවයින පුරා සියලුම පාසල් හෙට සිට වසා දමන්නට රජය තීරණය කර තිබේ.
පාසල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට සිට(ඔක්තොබර් 5)  ඇරඹෙන බව අධ්‍යාපන ආමාත්‍යංශය දැනුම් දී තිබෙයි.

රට තුළ කොරෝනා රැ්ල්ලක් නැවත ඇතිවේ යන සැකය මත පවතින තත්ත්වය සැළකිල්ලට

ගනිමින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
මීට පෙර දෙවන වාර නිවාඩුව ලබා දීමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර මස 09 වැනි සිකුරාදා දිනයේ දී ය.