විදේශගතව සිට පැමිණීම,
පාර්ලිමේන්තුවට තේරී පත්විම,
අධිකරණ සේවයේ නියුක්ත විනිශ්චයකාරවරුන් ,
රජයේ විශේෂඥ වෙද්‍ය සහ රජයේ වෛද්‍ය නිලධාරින්,
ජාතික පාසල්වල සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුවල සේවයේ නියුක්ත වූවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විධායක නිලධාරින්,
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සහ ගුරු අධ්‍යාපනඥ සේවාවන්හි නිලධාරින් යන කණ්ඩායම්
අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට සුදුසුකම් ලබති.
එසේම ළමුන් ඇතුළත් කිරීමේ දී අසාධාරණයට ලක්ව ඒ පිළිබදව පැවති විමර්ශනවලදී සුදුසුකම් ලැබීම,
විශේෂ අවශ්‍යතා ඇති සහ සමාජ සුබසාධ්ය මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන් වීම යන කාණ්ඩයන් ද අතරමැද පන්ති සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.
37 /2008 සහ 33/2019 චක්‍රලේඛ පරිදි පාසල විදුහල්පතිවරුන්ගේ එකඟතාව මත අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුවිය යුතු බව දන්වා ඇත.
එලෙස සිසුන් ඇතුළත් කිරීම සඳහා පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගෙන, එක් පන්තියකට ඇතුළත් කරගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වන අයුරින් දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය සංශෝධනය කර වඩාත් විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හදුන්වා දිමට අධ්‍යපන අමාත්‍යතුමා යෝජනා කර ඇති අතර එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මීට අමතරව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අනුව විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බව සහ ශිෂ්‍යත්ව විභාගයේ හා සාමාන්‍ය පෙළ සුදුසුකම් පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම අදාළ චිදුහල්පතිවරුන් විසින් සිදු කළ යුතු බව දන්වා ඇත.