සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මීට සති කිහිපයකට කලින් තමන්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ගේ පිරිස දෙදෙනා දක්වා අඩු නොකර කලින් සිටියාක් පරිද්දෙන් සිව්දෙනකුම යොදන
ලෙස ඉල්ලා සිටියහ.  ඔවුන් මෙම ඉල්ලීම කළේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ මූලාසනාරූඪත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමකදීය.  අපරාධ වැළැක්වීම සහ ඒ සම්බන්ධ අනෙකුත් රාජකාරි උදෙසා පොලිස් නිලධාරිගේ අවශ්‍යතාව වැඩි වන බැවින් එම ඉල්ලීම ඉටුකළ නොහැකි බව අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ එහිදී දන්වා සිටියේය. දැනට කරගෙන  යනු ලබන නීති විරෝධී මත් ජාවාරම් සහ පාතාල වැටලීම් ද මෙම රාජකාරි ගොන්නට ඇතුළත් වෙයි. අවම තර්ජනයක් පවතින විට පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා ආරක්ෂක වියදම් වැඩි වීම හේතුවෙන් විශාල මුදල් කන්දරාවක් ඒ සඳහා වැය වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට දැරිය යුතු වියදම් වැඩි වීම එක් කාරණයක් පමණක් බව  භාණ්ඩාගාරයට දැරිමට සිදුවී තිබේ.  උදාහරණයක් ලෙස හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර මේ වනවිට ජාතික ලයිස්තු මන්ත්‍රී සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවීකරණ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹපොළ කර ඇති ඉල්ලීම දැක්විය හැකිය. ඇගේ පෞද්ගලික ලේකම් මංජුල පෙරේරා එම අමාත්‍යාංශයේම අතිරේක ලේකම් (පරිපාලන හා මූල්‍ය) වෙත ඉකුත් 25 වැනි වන දේ පිළිබඳව ලයිස්තුවක් සඳහන් කර තිබේ.

ඒවා මෙසේය.

• ඇපල් ජංගම දුරකතනයක්

• අයි-පෑඩ් පර්ගණක යන්ත්‍රයක්

• ඇගේ නිල රථයට Dragon light විදුලි ලාම්පුවක්

• ඇගේ නිල රථයේ තබා ගැනීම සඳහා කුඩයක්

• ඇගේ නිල රථස්පසු ගමින් ආරක්ෂාව සඳහා VIP Light On (මේ විශේෂ පුද්ගලයන් ආරක්ෂකයන් කැටිව රිය පෙරහරේ ගමන් කරද්දී නිවෙමින් දැවෙන විදුලි පහනකි.)

වියත්මග සංවිධානයේ පුරෝගාමී සාමාජිකාවක වූ අමාත්‍යවරිය එම සංවිධානය තම සාමාජිකයන් සම්ප්‍රදායික දේශපාලනඥයන්ට වඩා වෙනස් බවට නිරන්තරයෙන් පුන පුනා පුරසාරම් දොඩද්දී බදු ගෙවන්නන්ගේ වියදමෙන් එවැනි දේ ඉල්ලා සිටීම පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කර තිබේ. මෙමගින් සිදුවූ හානිය අවම කරගැනීම  උදෙසා වෛද්‍ය අරඹේපොළගේ මාධ්‍ය ලේකම් ඉකුත් 29 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් තත්වය තවත් නරක අතට හැරුණේය.

එම ලිපියෙන් කියා ඇත්තේ කලින් භාවිතා කළ එම උපකරණ මිට පෙර අමාත්‍යාංශයේ සිටි අමාත්‍යවරුන් ආපසු බාර දිය යුතුව තිබුණත් මෙතෙක් අමාත්‍යාංශයට බාර දී නැති බවයි. එම භාණ්ඩ භාණ්ඩ   ලේඛනයේ ඇතුළත් වන බැවින් ඒවා නීත්‍යනුකූලව අමාත්‍යාංශයට බාර දිය යුතු බව ද එහි දැක්වේ .වෛද්‍ය අරඹේපොළගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉල්ලා සිටින එම භාණ්ඩ මෙතෙක් ආපසු  අමාත්‍යාංශයට බාර දී නැති බව ද ඉන් සනාථ  වේ.


මාධ්‍ය ලේකම්ගේ මෙම ලිපියෙන් තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ගැටලු පැන නැගේ. පළමුවැන්න නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවීකරණ අමාත්‍යාංශය සම්පුර්ණයෙන් අලුත් අමාත්‍යාංශයක් වීමය. දෙවැන්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති නොකර ආදර්ශවත්ව කටයුතු කරන ලෙස තම අමාත්‍යවරුන්ට දන්වා තිබීමය. තුන්වැන්න වෘත්තියෙන් උගුර, කන හා නාසය   පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වූ අමාත්‍යවරියකට තම වියදමින් අලුත් කුඩයක් මිලදී ගැනීමට නොහැකි ද යන්නය. වෛද්‍ය අරඹේපොළගේ පැහැදිලි කිරීම්වලට දැනටමත් සරදම් කරන සමාජ මාධ්‍ය  භාවිතකරුවන් තමන්ගේ පැරැණි කුඩවල ඡායාරූප දක්වා, ඒවා අමාත්‍යවරියට පෙන්වා තිබේ.

සෑම සමාජ මාධ්‍යකම මේවා ප්‍රදර්ශනය වන බව පෙනී යයි. නවීනතම ඇපල් දුරකතනයක් රුපියල් 300,000ක් පමණ වේ. නවීනතම ඇපල් අයි-පෑඩ් උපකරණයක් රුපියල් 200,000ක් පමණ මිල වෙයි.  සියලුම අමාත්‍යවරුන් මෙම සුඛෝපභෝගී භාණ්ඩ දිනාගෙන, සෙනග මැද්දෙන් නිවෙන දැවෙන ආරක්ෂක ලාම්පු දල්වාගෙන යන විට කෙසේ වේ දැයි සිතාගත හැකිය.  බදු ගෙවන්තගේ ඈස් පනාපිටම ඩ්‍රැගන් ලාම්පු දැවෙන විට තමන්ගේ බදු මුදල් කොහෙන් නතර වේ ද යන්න ඔවුනට දැන ගන්නට ලැබෙනු ඇත.