ඝාතනය වූ එස්.එෆ්. ලොක්කා ගැන දොඩවමින් අනුරාධපුර පොලිස් ස්ථානයේ නිල නිවාස ඉදිරිපිට පිහිටා ඇති ගණදෙවි පිළිමගෙය කඩා නිරුවතින් ඒ තුළටවී උමතුවෙන් හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමට හා ඔහු සමඟ කලහකාරි අන්දමින් හැසිරුණු පෙම්වතිය බව කියන තරුණිය අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පෙරේදා රාත්‍රියේ කටයුතු කර තිබේ.
කිසියම් පුද්ගලයකු නිරුවතින් පැමිණ ගණදෙවි පිළිමගෙයට හානි පමුණුවන බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට
ලැබුණු ඇමතුමකට අනුව නිලධාරීන් එහි ගොස් ඔහු මෙල්ල කිරීමට විශාල උත්සාහ දරා ඇතත් ඔහු පිළිමගෙයි
වීදුරු කඩා අතපය කපාගනිමින් ඝාතනය වූ එස්.එෆ්. ලොක්කා පිළිබඳව ෙදාඩවමින් උමතු ආකාරයෙන්
හැසිරීම නිසා පොලිස් හදිසි ඇමැතුම් අංශයේ නිලධාරීන් සැකකරු මෙල්ල කිරීමට මූලස්ථාන පොලිසියේ
මෙහෙයුම් අංශයේ නිලධාරීන්ද කැඳවා තිබේ.
සැකකරු නිරුවතින් පිළිමගෙයට ඇතුළුවී එහි පිළිමය පිටතින් තබා ඒ තුළට වී උමතුවෙන් ෙදාඩවමින් පොලිස්
නිලධාරීන්ට වීදුරු කැබලිවලින් පහරදී තිබේ. ඒ අවස්ථාවේ වීදුරු කැබල්ලක් හිසේ වැදුණු එක් පොලිස්
කොස්තාපල්වරයෙක් සුළු තුවාල ලබා තිබේ.
සැකකරුගේ පෙම්වතිය කියන කාන්තාවත් එම ස්ථානයට පැමිණ ඔහු පිළිමගෙයින් පිටතට ගැනීමට දැඩි
උත්සහායක නිරතවී ඇතත් ඔහු ඉතා කලහකාරී අන්දමින් හැසිරීම නිසා එහි ගොස් සිටි පොලිස් නිලධාරීන් තවත්
සහාය පතමින් අපරාධ විමර්ශන අංශයේ රාත්‍රි මුර සංචාරක ඒකකයත් එම ස්ථානයට කැඳවා තිබේ.
සැකකරු හා ඔහුගේ පෙම්වතිය කියන තැනැත්තිය පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණීම
නිසා තව තවත් කලහකාරිත්වය වැඩි කරමින් හැසිරී ඇති අතර උමතුවෙන් මෙන් හැසිරුණු පුද්ගලයා වීදුරු
කැබලිවලින් ශරීරයට හානි පමුණුවා ගනිමින් සිටියදී පොලිස් නිලධාරීන් ඔහු මෙල්ලකර අල්ලාගෙන ප්රතිිකාර
සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.
සැකකරු නිරුවතින් සිටීම නිසා පිළිමගෙයි තිබූ රතු පැහැති රෙදි කැබැල්ලක් අන්දවා රෝහල් ගතකර තිබූ
අතර සැකකරු එස්.එෆ්. ලොක්කාගේ හිතවතකු බවට සැක කළ හැකි බව පොලිසිය පවසයි.
හෙරොයින්
මත්ද්‍රව්‍ය නොමැතිව ඔහු කලහකාරීව උමතුවෙන් හැසිරෙන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු පහේ ඇළ ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු වන අතර
තරුණිය 30 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය පවසයි.
ගණදෙවි පිළිමගෙයට රුපියල් පනස් දහසක අනර්ථයක්
සිදුකිරීම. කලහාකාරී අන්දමින් හැසිරීම හා අයුතු ජනරාශියක නිරත වීමේ චෝදනාවට සැකකරු හා
සැකකාරිය ඊයේ (15දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එම ස්ථානයේ පිහිටි ත්‍රිරෝද රථ රියැදුරන් වැඳුම් පිදුම් කිරීමට ගණදෙවි පිළිමගෙය හා බුදු පිළිම
වහන්සේ නමක් එහි තැන්පත් කර තිබෙනා අතර සැකකරු බුදුපිළිම වහන්සේට කිසිදු අනර්ථයක් සිදුකර නොතිබුණි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතාගේ
උපදෙස් මත අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන්
පරීක්ෂණ සිදුකරයි.
අනුරාධපුර - මහේෂ් විජේසූරිය
0 Comments