වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය යළි හිස එසවීමත් සමග ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (7) දින මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගැනීමට සූදානම් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි .
මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම නිසා , රජයේ
නීරෝධායන මධ්‍යස්ථාන නිදහස් කර අවශ්‍ය ඉඩකඩ ලබා ගැනීම එයින් බලාපොරොත්තු වේ.
මේ වනවිට ඒ සදහා වන නවතම ගුවන් ගමන් කාලසටහන ද සකස් කෙරෙමින් පවතින බව ද එම ගුවන්
තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
මේ අතර ඊයේ (6) දින මධ්‍යම රාත්‍රී සහ අද (7) දින අලුයම තවත් ශ්‍රී ලාංකිකයන් 374
දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන්
සේවයේ ඊ.කේ.-648 දරන ගුවන් යානය ඊයේ දින මධ්‍යම රාත්‍රී 11.20 ට ඩුබායි සිට කටුනායක
ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඒ සමගම මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ
යූ.එල්.- 104 දරන ගුවන් යානය මාලේ සිට ඊයේ දින මධ්‍යම රාත්‍රී 11.45 ට කටුනායක ගුවන්
තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම දකුණු කොරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු රැගෙන කොරියානු ගුවන් සේවයේ
කේ.ඊ.- 9473 දරන විශේෂ ගුවන් යානය අද (7) දින අලුයම 3.15 ට ඉන්චියොන් සිට කටුනායක ගුවන්
තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව
නීරෝධායන කටයුතු සදහා පිටත් කර තිබේ .
- ටී.කේ.ජී. කපිල
0 Comments