තිහාරියේ පිහිටි 'හෙළ' ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම ආයතනය මගින් නිල නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම සේවකයාගේ බිරිය

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවක වන අතර කොරෝනා වෛරසය එහිදී ඇයටද ආසාදනයවූ නිසා මේ ආකාරයට බෝවී ඇතැයි එම නිවේදනයේ දැක්වේ. 

තම සේවකයින්ට නිරෝධායනය හා අවශ්‍ය වෙනත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට යොමු වීමට ආයතනය උපරිම සහාය දුන් බවද එම නිවේදනයේ දැක්වේ.