
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් ඊයේ (09) ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරුන් ලෙස අධිකාරියට උසස් කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී මේ උසස්වීම් සිදුකර ඇත.
තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායට ගජබා රෙජිමේන්තුවේ (GR) මේජර්වරයෙකු වශයෙනුත් දිනේෂ් චන්දිමාල් යුධෝපකරණ බලකායේ (SLAOC) මේජර්වරයෙකු වශයෙනුත් ලෙස සේවය සපයනු ඇති.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායේ සේනා විධායක
තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් පසුගිය වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා එක් වූ අතර ඊට අදාළ පුහුණුව ද ලබා මෙතෙක් උපපන්න නිලධාරීන් ලෙස කටයුතු කළේ ය


Comments
Post a Comment
Your comment will be visible after approval