ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට හා බිරිය මෙලනියාට කොරෝනා වෛරසය වැළදී ඇති බව පරීක්ෂණ මඟින් හෙළි වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ජනපතිවරයාට රෝගය වැළඳෙන්නට ඇත්තේ ජනාධිපතිවරයාගේ සමීප උපදේශකාවක වන 31 හැවිරිදි හෝප් හික්ස් හට කොරෝනා වෛරසය වැළදීමෙන් එය බෝවීමෙන් බව කියැවේ. ඇයට වෛරසය ඇති බව තහවුරුවීමෙන් පසුව කළ පරීක්ෂණ අනුව ජනපතිවරයාට හා බිරියට කළ පරීක්ෂණ ධනාත්මකවී ඇත.
මෙම සතියේ ඔහායෝ ප්‍රාන්තයේ පැවති රූපවාහිනී විවාදයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ (එයාර් ෆෝස් වන් - Air Force One) ඇය ද ඔහු සමග ගමන් ගෙන ඇතැයි වාර්තා විය.
බිරිඳ සහ තමන් නිරෝධායනයට යොමු වන බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.
බ්‍රහස්පතින්දා රාත්‍රී ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ට්‍රම්ප්, "කෙටි විවේකයක් හෝ නොගෙන ඉතා කැපවීමෙන් වැඩකළ හෝප් හික්ස් කොවිඩ්-19 ට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවෙලා." යැයි පැවසීය.
"ජනාධිපති ආර්යාවත්, මාත් පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරේ අපේ නිරෝධායන ක්‍රියාමාර්ගයත් ආරම්භ කරනවා" යැයි ඔහු ලියා තිබේ.
ඔක්තෝබර් 15 වෙනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ දෙවෙනි විවාදයේ සැලසුම්වලට මෙම නිරෝධායන ක්‍රියාමාර්ගය බලපාන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ලොව සෙසු සියලු රටවල නායකයන් මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ නමුත් ට්‍රම්ප් කිසි දිනෙක මුඛ ආවරණයක් පැළඳ ගත්තේ නැත. ඔහු කටයුතු කළේ සියලු ඇමරිකානුවන් බිලි ගත්තද වෛසරය තමන් වෙත නොපැමිණෙන්නේය වැනි විශ්වාසයක් මත වන අතර ඔහු නිරන්තරයෙන්ම චීනයට දොස් තැබීම කළේය.