
ඊයේ අවසන්වූ නවසීලන්තයේ මහමැතිවරණයේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නවසීලන්ත කාන්තාවක එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. වෘත්තියෙන් නීතීඥවරියකවන ඇය වනුෂි වෝල්ටර්ස්ය.
කුඩා කාලයේ ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට සංක්‍රමණයවූ ඇය නවසීලන්ත ජාතික රයිස් වෝල්ටර්ස් හා විවාහවීමෙන් පසු පිරිමි ළමයින් තිදෙනෙකු ලැබුවාය. ස්වාමිපුරුෂයාත් එලියට්, ලූකා සහ සාචා දරුවන් හා ස්වාමිපුරුෂයාගේ මව ෆර්න් සමග ඇය වාසය කරන්නේ බටහිර ඕක්ලන්ඩ්හි ය.
ප්‍රජා අංශයේ සේවයකරන නීතිවේදිනියක වන ඇය වාසය කරන ප්‍රදේශයේ වරාය ආශ්‍රිත කම්කරු ගැටලු
මේ නිසා ඇගේ ස්වාමිපුරුෂයා ඉපදී හැදී වැඩුණු ඕක්ලන්ඩ්හි උතුරු වෙරළටද ඇයට ශක්තිමත් සම්බන්ධතා ඇත.
ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් සහිත නීතිඥවරියත වන වයස අවුරුදු 39ක් වන වනුෂි ප්‍රජා නීති ක්ෂේත්‍රයේ වසර නවයක්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ජාත්‍යන්තර මණ්ඩල සාමාජිකාවක් ලෙස වසර හයක් ගත කර ඇති අතර පෞද්ගලික පුහුණුවීම්, රාජ්‍ය අංශයේද සේවය කර ඇත.
නවසීලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඇය සමග ප්‍රතිවාදීයා ලෙස තරග වැදුනේ
නවසීලන්ත ජාතික හැමිල්ටන්හි ක්‍රිකඩ් ක්‍රීඩකයෙකු වන ජේක් බෙසන්ට් වුවත් ඇයගේ උගත්කම හා කාලයක් තිස්සේ කළ සේවයට නිසි පිළිගැනීමක් ලබාගන්නට හැකියාව ලැබිණි. නවසීලන්තයේ අගමැතිනිය ජයග්‍රහණය කළ කම්කරු පක්ෂය වෙනුවෙන් ඡන්ද 14,142 ලබා ගෙන නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූරයක් හොබවීමට දැන් සුදුසුකම් ලබා තිබේ.බෙසන්ට් ට ලබාගත හැකිවූයේ මනාප 12, 727ක් පමණකි.






Comments
Post a Comment
Your comment will be visible after approval