උපකාරක පන්තියකට පැමිණි 15 හැවිරිදි පිරිමි ළමයකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන 28 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ඉසුරු නෙන්ති කුමාර මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් තබන ලෙසට නියෝග කළේය. ඇප තැබීමෙන් පසු මනෝ වෛද්‍ය සායනයට ඉදිරිපත් වී වාර්තාවක් ලබාගෙන 2021 ජූනි තුන් වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය. ඇප තැබීමට නියම වූයේ එක්දරු මවක් වන උපකාරක පන්ති ගුරුවරියකටය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වැලිගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්ෂක ධර්මවර්ධන මහතා මෙසේ කීය.
පසුගිය හය වැනි දින උපකාරක පන්තියට 15 හැවිරිදි සිසුවා ගොස් තිබෙනවා. සිසුවා ආපසු සවස නිවසට නොපැමිණීම පිළිබඳව මව ගුරුවරියගේ නිවසට ගොස් විමසා තිබෙනවා. එහිදී ගුරුවරියගේ මව තම දියණිය හා සිසුවා ත්‍රිරෝද රථයකින් ගිය බවට දන්වා තිබෙනවා. දින හයකට පසුව උපකාරක පන්ති ගුරුවරිය හා සිසුවා 12 වැනි දින පොලිසියට පැමිණියා.
සිසුවාගෙන් විමසීමේ දී හය වැනි දින රාත්‍රී කොළඹ හෝටලයක නැවතී සිටි බවත් ඊට පසු දින නුවර ප්‍රදේශයට ගොස් හෝටලයක දින තුනක් ගත කළ බවත් එහිදී හෝටල් හිමියා පිටව යන ලෙස දැන්වූ බවත් කියා සිටියා. එවිට උපකාරක පන්ති ගුරුවරියගේ ඥාතියකුගේ නිවසට ඔහු කැඳවා ගෙන ගොස් 12 වැනි දින පැමිණි බවට දන්වා සිටියා. සිසුවා වෛද්‍ය පරික්ෂණ සඳහා රෝහලේ නේවාසිකව සිටිනවා. බාල වයස්කාර සිසුවාට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට සැකකාර උපකාරක පන්ති ගුරුවරිය අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් පැවසීය.
-ජයන්ත ජයවර්ධන-
සිද්ධිය සම්බන්ධයෙන් පෙර වාර්තා
සිසුවාට ලිංගික අපයෝජනය කළැයි ගුරුවරියට එරෙහිව පැමිණිලි
15 සිසුවා සමග පැනගිය 28 ගුරුවරිය නුවරඑළියේ දී අත්අඩංගුවට
15 සිසුවා සමග උපකාර පන්ති ගුරුවරිය දින 06ක සිට අතුරුදන්
0 Comments