මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදියින්ගේ අශ්‍රිතයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත සවස රැගෙන යමින් සිටිය දී වයෝවෘද්ධ කාන්තාවක මියයාමේ පුවතක් ඊයේ වාර්තා කෙරිණි.

බ්‍රැන්ඩික්ස්හි සේවය කරන ඇගේ දියණියගෙන්

ඇයට කොරෝනා ආසාදනයවී මෙලෙස මියගියාද යන සැකය මත පීසීආර් පරීක්ෂණයක්ද සිදු කර මෘත ශරීරය ආරක්ෂිතව වෙන් කරන්නට ඊයේ කටයුතු කළ අතර එම පීසීආර් වාර්තාව අද ලැබී තිබේ. එහිදී ඇයගේ මරණයට කොරෝනා සම්බන්ධයක් නැති බව හෙළිවූයේ පීසීආර් පරීක්ෂණයෙන් සෘණාත්මක වීම නිසාය. පශ්චාත් පරීක්ෂණය අනුව ඇය මියගොස් ඇත්තේ හෘදයාබාදයකින් බව හමුදාපතිවරයා සඳහන් කළේය.

මිය ගිය කාන්තාව ගම්පහ, උඩුපිටිය, වරාපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 64 වියැති කාන්තාවකි.