ජල බෝතල් 17,685ක් සහිත පෙට්ටි 1,179ක් රේගු නිවාරණය අංශය විසින් ඊයේ සොයා ගනු ලැබීය. මෙම බදු වංචාව හේතුවෙන් රජයට රුපියල් කෝටි 4ක බදු ආදායමක් අහිමි වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මෙම කන්ටේනරය මෙරටට ගෙන්වූ සමාගම් 7ක ව්‍යාපාරිකයන් 8 දෙනකු රේගු බාරයට ගෙන ප්‍රශ්න කරගෙන යන බවද රේගුව පවසයි. බංගලිදේශයට ප්‍රතිඅපනයන කරන බවට පවසමින් මෙම විදේශ මත්පැන් අඩංගු කන්ටේනරය පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආනයනය කරනු ලැබ ඇත්තේ ඉකුත් 2018 වසරේදීය.
මෙම කන්ටේනරයේ තිබූ විදේශ මත්පැන් තොගය සැකකරුවන් විසින් හොර රහසේ දේශීය වෙළෙඳ පොලට නිකුත් කරන ලද බවට සැකකරන බවද සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය. විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදු වංචා කරමින් ප්‍රතිඅපනයනය කරන මහාපරිමාණ ජාවාරමක් මීට මසකට පමණ පෙරද රේගුව විසින් අනාවරණය කරගනු ලැබූ අතර එම වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකෘ රේගුවේ ප්‍රධාන රේගු පරික්ෂකවරයකු ඇතුළු රේගු පරිකවරුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත. ඔවුන් වැඩ තහනමට ද මේ වනවිට ලක්කර තිබේ. මාලදිවයිනට ප්‍රතිඅපනයනය කිරිම සඳහා ආනයනය කරන ලද විදේශීය මත්පැන් බෝතල් 924ක් වෙනුවට වතුර පිරවූ බෝතල් රේගුව විසින් එහිදී සොයා ගනු ලැබීය.
-ඉන්දිකා රාමනායක-