ඇඳිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවල වයින් වෙළඳසැල් වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පමණක් බාර් බලපත්‍රයක් සහිතව ක්‍රියාත්මක වන මත්පැන්හල් හා සමාජ ශාලා මෙන්ම මත්පැන් අලෙවි සල් වසා දමන ලෙස පමණක් අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක

කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ වයින් වෙළඳසැල් බාර් බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක නොවන බැවින් ඇඳිරි නීතිය රහිත ප්‍රදේශවල විවෘතව පවතින බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක උපදෙස් පරිදි ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සහ අනෙකුත් දිස්ත්‍රික්කවල මත්පැන්හල් වසා දැමීමට පියවර ගෙන ඇති බව කුමාරසිංහ මහතා පැවසීය.