උපකාරක පන්තියට සහභාගී වූ 15 හැවිරිදි සිසුවකු සමග පැන ගිය 28 හැවිරිදි විවාහක ගුරුවරියක එම සිසු දරුවාත් සමග නුවරඑළිය ප්‍රදේශයේ දී අත්අඩංගුට ගැනිමට පොලිසිය ඊයේ (12) සවස සමත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ අප ඉදිරිපත් කළ වාර්තාවෙන් කියැවුනේ අසල්වාසී නිවසක ටියුෂන් පන්තියකට යැවූ තම දරුවා එක්වරම අතුරුදන්වීමත් ඒ සමගම ගුරුවරියද අතුරුදන්වීමත් ගැන  එම දරුවාගේ මව කියූ කතාවයි.

රට පුරා පොලිස් ස්ථන දැනුවත් කිරීමෙන් පසු දරුවා අත තිබූ ජංගම දුරකථනයේ සංඥා කුළුනු ඔස්සේ හඳුනාගෙන සිදුකළ දත්ත විශ්ලේෂණ හරහා මේ යුවල සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය. එක්දරු මවක වූ ගුරුවරිය සිවිල් ආරක්ෂ නිලධාරියෙක් වූ සිය සැමියාත්, දෙහැවිරිදි දියණියත් හැර දමා මෙම ළාබාල සිසුවා හා පැනයෑටම සැලසුම් කර ඇත්තේ සැමියා දුර ප්‍රදේශයක සේවයේ ගොස් සිටියදී ය.

වැලිගම පොලිස් වසමේ දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරිය ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබුණි.

ඉකුත් 6 වන දින සවස 2.00 ට පමණ මෙම දරුවා නිවසේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගුරුවරියගේ නිවසේ ඇති උපකාරක පන්තියට සහභාගි වී තිබේ. එම අවස්ථාවේ දී මෙම දරුවා සහ දරුවාගේ බාල නැගණිය හා වෙනත් ළමයෙකු එම පන්තියේ සිට ඇත. පසුව මෙම පන්තිය කෙටි වේලාවකින් අවසන් වී ඇති අතර මෙම අතුරුදහන් දරුවාගේ බාල නැගණිය නිවසට ගොස් තිබේ. ඒ අනුව දියණිය පමණක් නිවසට පැමිණියේ ඇයි ද යන්න පිළිබඳව එම පිරිමි දරුවාගේ මව තුළ ඇති වූ සැකයක් මත මව එම උපකාරක පන්තිය සහිත නිවසට ගොස් ඇත.


එම අවස්ථාවේදී ගුරුවරියගේ මව සහ වයස අවුරුදු දෙකක් වූ ඇයගේ දියණිය සිට ඇති අතර ගුරුවරියගේ මව පවසා ඇත්තේ ගුරුවරිය නිවසේ නොමැති බවයි . පසුව මෙම පිරිමි දරුවා සහ ගුරුවරියට කුමක් සිදු වූයේ දැයි සොයා ගැනීමට නොහැකිවූ දෙමව්පියන් ප්‍රදේශවාසීන් සමග ප්‍රදේශය පුරා පරික්ෂා කර තිබේ. එහෙත් කිසිදු තොරතුරක් සොයා සොයාගැනීමට නොහැකි වීම නිසා පිරිමි දරුවාගේ පාර්ශවයේ දෙමාපියන් සහ ඥාතීන් වැලිගම පොලිසියට පැමිණිල්ලි කර තිබේ.

මේ පිළිබද කිසිම තොරතුරක් පෙරේදා 12 දින වනතෙක් අනාවරණය නොවීය. එහෙත් දරුවාගේ අතේ ඇති ජංගම දුරකථනය පිළිබද විශ්ලේෂණය කිරීමේදී මතුගම ප්‍රදේශයේ දී කොළඹ හා ඊට පසු නුවරඑළිය ප්‍රදේශවල සැරිසරණ සංඥා එම දුරකථනය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවල සටහන් වී තිබෙන බවට එම දුරකථන සමාගම මගින් තොරතුරු දැන් වූ බව එම දරුවාගේ ඥාතීහු කීහ. එහෙත් මෙම පෞද්ගලික උපකාරක පංති ගුරුවරියගේ පාර්ශවයෙන් ගුරුවරිය අතුරුදහන් වීම පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර සිදු කර ගනිමින් සිටීම ගැන මෙම දරුවාගේ පාර්ශවය බලවත් ලෙස සැක පල කලේය.

එහෙත් මෙම දරුවා සහ ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වී තිබෙන බවට සාධකයක් ලෙස ගුරුවරිය සහ මෙම දරුවා අතර ජංගම දුරකථනයෙන් හුවමාරු වූ කෙටි පණිවිඩ වලින් තහවුරු වන බව එම දරුවාගේ පියාගේ සහෝදරයා කීවේය . දරුවාගේ මව පවසන්නේ දරුවා නිවසින් උපකාරක පන්තියට යන අවස්ථාවේදී නිවසේ තිබූ දරුවාගේ රන් මාලයක් ද රැගෙන ගොස් ඇති බවය.

මෙම ගුරුවරියගේ උපකාරක පන්තියට ළමුන් දහ දෙනකු පමණය පැමිණ ඇති අතර දිනෙන් දින සිසුන්ගේ පැමිණීම අඩාල වී තිබේ. එහෙත් මෙම ගුරුවරිය ඉංග්‍රීසි විෂය උගන්වන බව පවසා ඇති අතර සෑම විෂයක් ම උගන්වන බැවින් මෙම පන්තියට පැමිණෙන ලෙස මෙම දරුවාට දන්වා තිබේ . සෑම විෂයක් ම ගුරුවරිය උගන්වන්නේ නම්

එය වඩාත් යහපත් වන බැවින් සෑම විෂයක්ම ඉගෙනීමට මෙම දරුවන් එම උපකාරක පන්තිය වෙත ඒවා තිබේ. මෙහිදී දරුවගේ මව පැවසුවේ නිශ්චිතවම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන තම දරුවා මෙම ගුරුවරිය විසින් රවටා ගෙන ගොස් ඇති බවයි.

වැලිගම පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු දිවයිනේ නොයෙකුත් පොලිසි මගින් මේ පිළිබඳ විමසිල්ලෙන් සිට ඇති අතර අවසන් වරට නුවර එළිය ජංගම දුරකථන කුළුණ හරහා සංඥා මෙම දුරකතනයට ලැබීමත් සමඟ එම දුරකතන සංඥා කුලුන ආශ්‍රිතව පොලිස් බල ප්‍රදේශයේ අවධානය යොමුකර තිබේ.

එහිදී බුද්ධි අංශ නිලධාරීන් විසින් GPS තාක්ෂණය ඔස්සේ තොරතුරු දින කිහිපයක් තුළ තොරතුරු එක්රැස් කිරීමෙන් පසු පෙරේදා 12 සවස මෙම බාල වයස්කාර පිරිමි ළමයා සහ අවුරුදු 28ක් වූ විවාහක එක්දරු මව අත්අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මාතර පොලිස් අධිකාරී විජේගුණවර්ධනගේ උපදෙස් මත වැලිගම පොලිසිය පර්ක්ෂණ සිදුකර තිබුණි.

සැකකාර සිසුවා සහ මෙම කාන්තාව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(මාතර – සම්පත්)

පෙර වාර්තාව

15 සිසුවා සමග උපකාර පන්ති ගුරුවරිය දින 06ක සිට අතුරුදන්