බස්නාහිර පළාත තුළ දිනපතා බැහැරලන වෙන් කළ කසළ මලු වලට අමතරව කොරෝනා බවට සැක නිවැසියන්ගෙන් සනීපාරක්ෂිත අපද්‍රව්‍ය බැහැරලීමට කහ පැහැති බෑගයක් භාවිත කරන ලෙස බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

එසේ කොරෝනා බවට සැක නිරෝධායනට ලක් කළ නිවස්නයන්ගෙන් ඉවත ලන කහපාට කසළ මලුවල බහාලන කසළ ද දින දාහතරක් සිය නිවාස පරිශ්‍රයේම තබා ගනිමින් එම කසළ මල්ලද නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට කසළ එකතු කරන සේවකයන්ට ලබාදීමට කාරුණික වන

ලෙසද මාන්නප්පෙරුම මහතා පැවසීය. 

එසේ කහ පැහැති මලුවල කොරෝනා බවට සැක පිරිස් විසින් භාවිත කරන ලද පේපර් සර්වියට්, මුඛ ආවරණ, අත්ග්ලව්ස් බහාලීම සිදු කළ යුතු බව සඳහන් කරන මාන්නප්පෙරුම මහතා එවැනි කසළ මලු දින දාහතර පුරා සිය නිවස්න පරිශ්‍රයේම රඳවා තබාගෙන පසුව කසළ එකතු කරන්නන්ට ලබාදීම තුළින් රෝග ව්‍යාප්තිය අවම මට්ටමට ගෙන යා හැකි බවද ඒ මහතා පෑවසීය. 

එසේ නොමැති නම් එසේ සනීපාරක්ෂක කසළ නිවසේ ඉඩකඩ ඇති තැනකදී පුළුස්සා දැමීම සුදුසු පියවරක් බවද ඒ මහතා පැවසීය. මෙතෙක් කසළ වර්ගීකරණයේ මූලික පියවරක් ලෙස මිශ්‍ර කසළ, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ, අවශේෂ කසළ යනුවෙන් කාණ්ඩ තුනකට බෙදා වෙන් කර බාරදුන් කසළවලට අමතරව කොරෝනා කසළ බහලුම ලෙස කහ පැහැති කසළ බහාලුමක දමා පළාත් පාලන කසළ එකතු කරන ට්‍රැක්ටර්වලට ලබා දිය යුතු බව පැවසීය. 

එය ආරක්ෂිත පියවරක් බව පෙන්වා දෙන මාන්නප්පෙරුම මහතා එසේ කිරීම තුළින් කසළ කළමනාකරණ කටයුතු සඳහා යොමු වී සිටින සේවකයන්ටද ආරක්ෂාව සැලසෙන බව වැඩිදුරටත් පැවසිය.

- රේඛා තරංගනී ෆොන්සේකා -